A documentary film, which unfolds the story of an ancient Sri Lankan martial art called "Angampora".
everanju : Tweet feed
Showing posts with label සිංහලෙන්. Show all posts
Showing posts with label සිංහලෙන්. Show all posts
Tuesday, July 31, 2012
Tuesday, August 16, 2011
Angam - Sinhala media release
“අංගම්” වාර්තා චිත්‍රපටය
YS% ලංකාවේ සාම්ප%දායික සටන් කලාව වන අංගම් පොර පිළිබදව නිෂ්පාදනය කෙරුණු වාර්තාමය සිනමා නිර්මාණයක් වන “අංගම්” වාර්තා චිත%පටය 2011 සැප්තැම්බර් ui කොළඹ 07 YS% ලංකා ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය. අංජුල රසාංග වීරසිංහගේ නිර්මාණයක් වන අංගම්, 07 වන දින දර්ශණය විශේෂ ආරාධිතයන් සදහා පමණක් වන අතර 09 වන දින සවස 06 ට විවෘත මහජන දර්ශණය පැවැත්වෙනු ඇත. මෙම දර්ශණ වාරය සදහා සහභාගීවීමට කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නාසුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්ද, දුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත%පටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක් තිස්සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්ෂිප්තයක් ලෙස හදුන්වාදිය හැකිය.
රට සිටින ජේෂ්ඨතම පුරාවිද්‍යාඥයෙකු වන ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් මෙරට මනවයාගේ බිහිවීමේ සිට ශිෂ්ටාචාර ඇතිවීම දක්වාත්, රාජධානි බිහිවීම සහ බිදවැටීම් පිළිබදවත්, ඒ නිසා සිදුවූ සංස්කෘතික විපර්යාස ආදියත් පිළිබදවත් පුරාවිද්‍යාත්මක සාධක ඉදිරිපත් කරමින් සිදුකරනු ලබන පැහැදිලිකරදීමක් මෙම චිත%පටයේ අන්තර්ගතය. මෙයට අමතරව මෙරට සිටින ජේෂ්ඨ පාරම්පරික අංගම් පොර ශිල්පීන් වන ගුරු කරුණාපාල, වෛද්‍ය රියෙන්සි විl%මසිංහ, අතුල නන්දසේන ආදීන් විසින් සිදුකරනු ලබන අංගම් සටන් කලාවේ ආරම්භය, එහි සාම්ප%දායයන් සහ ඇදහිලි විශ්වාසයන් පිළිබද පැහැදිලි කිරීම්ද, අවි ආයුධ පිළිබද හදුන්වාදීම් මෙන්ම දුලබ අංගම් සටන් ජවනිකාද මෙම සිනමා නිර්මාණය තුලදී දැකගත හැක. මීට පෙර කෙටි චිත%පට, රූපවාහිනී වැඩසටහන් සහ වෙළද දැන්වීම් ආදී නිෂ්පාදන සදහා දායකත්වය ලබාදී ඇති තරුණ කණ්ඩායමකින් සමන්විත අංගම් චිත%පටයේ නිෂ්පාදක කණ්ඩායම, සිය පළමු වාර්තා චිත%පටය වන අංගම් නිර්මාණය කිරීමේදී අංජුල රසාංගගේ අධ්යක්ෂනයෙන් සහ නිෂ්පාදනයෙන් ද එරංග හේමජිත්ගේ සහය අධ්‍යක්ෂනයෙන්ද අමිල ආකල්ප පෙරේරාගේ සංස්කරණයෙන්ද අනුරාධ ජයසූරියගේ කැමරාකරණයෙන්ද ලලීන්ø අමරසේකරගේ සංගීතයෙන්ද නිමවා ඇත. තවද, මෙම සිනමා කෘතිය අවම මූල්‍ය සහ තාක්ෂණික සම්පත් භාවිතයෙන් සිදුකරන ලද්දක් බව ද නිෂ්පාදක කණ්ඩායම පැවසීය.
“ක්‍රිකට් සහ තවත් සීමිත අවස්ථාවන් කිහිපයකදී හැරුණු විට අන් බොහෝ අවස්ථාවල අපගේ රට පිළිබදව විදේශිකයන් තුල සෘණාත්මක සිතුවිලි ඇතිකරවන යුගයක මෙවන් ශිල්පයක් හරහා යම්තාක් දුරට හෝ ධනාත්මක ජාත්‍යන්තර සබදතාවක් ගොඩනැගී තිබීම පැසසිය යුතු කරුණක්. මෙම සිනමා කෘතිය තුලින් එය තවදුරටත් ජාත්‍යන්තරයට ගෙනයමින් මව්බිමේ උරුමය ලෝකයටම කියන්නට අපි උත්සාහ ගන්නවා. ඒ වගේම කිවයුතුම දෙයක් තිබෙනවා..., තවත් මෙම ශිල්පය දත් අවුරුදු අසූව අනූව පමණ වන පාරම්පරික සටන් ශීල්පීන් මේ රටේ විසිරී සිටිනවා. කවුරුන් හෝ ඉදිරිපත්වී සංවිධානාත්මකව, අප අතරින් වියැකී වැනසෙමින් යන මෙවන් කලාවන් සහ ඒවායේ උරුමකම් ඇති කලාකරුවන් රැක ගැනීමේ වැඩපිළිවෙලක් සකස්කරනු දැකීම සහ එවන් කලාවන් පිළිබදව උසස් තත්වයේ පර්යේෂණ සිදුකරනවා දැකීම අපගේ බලාපොරොත්තුවයි.“ අංජුල රසාංග, සිය අරමුණ පැහැදිලි කරන්නේ ඒ අයුරිනි.
පාසැල් සමයේදීම සිය හැකියාවන් එළිදක්වමින් චිත% කලාවෙන් දස්කම් දැක්වූ අංජුල, සිය පාසැල් සමයේ මිතුරන් අතර ජනපි%යව සිටියේ චිත%කතා ශිල්පියෙකු ලෙසයි. පසුකාලීනව අළෙවි සහ වෙළද දැන්විම් ක්ෂේත%යන්හි සිය වෘත්තීය දායකත්වය ලබාදුන් අංජුල සිය පළමු කෙටි චිතපටය වූ Valentine Crush(ed) සිය මිතුරන් කිහිප දෙනෙකුගේ සහයද ඇතිව 2009 වසරේදි එළිදැක්වීය. එම වසරේදී Bonsoir ආදී වැඩසටහන් තුළ සහ 20th Century Fox Searchlabs, Youtube වැනි වෙබ් අඩවි තුළ ජනපි%යත්වයට පත් එම නිර්මාණයෙන් ලද අත්දැකීමද සමගින් මෙරට සිටින ප%වීණ සංගීතවේදියෙකු වන ඩබ් ඩී අමරදේවයන්ගේ Mandoharp පිළිබදව කෙටි වාර්තා චිත%පටය සදහාද සිය දායකත්වය ලබාදී ඇත. සිය සිතේ උපන් තවත් නිර්මානාත්මක සංකල්පයක් මත අධ්‍යක්ෂණය කෙරුණු අංගම්, අංජුලගේ පළමු වාර්තා චිතපටයයි.
වසර පහකටත් වඩා වැඩිකලක් තිස්සේ අධ්‍යයන කටයුතුවලදී මෙන්ම වෘත්තීය කටයුතු වලදීද අංජුලගේ මිතුරෙකු මෙන්ම සංස්කාරක වරයාද වූ අමිල ආකල්ප, සිනමා නිර්මාණයක සියුම් වැරැද්දක් වුවද සිය නෙතින් ගිලිහී යා නොදෙන තරමේ දක්ෂ සහ නිර්මාණශීලී, අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතා මනාව හදුනාගත් පළපුරුදු සංස්කාරක වරයෙකි. දැනට වෙළද දැන්වීම් සංස්කාරකවරයෙක් ලෙස සේවය කරන අමිල, අංජුලගේ නිර්මාණ බොහොමයකට සිය දායකත්වය ලබාදී ඇත. අංගම් වාර්තා චිත%පටයේ සංස්කරණ දායකත්වය අමිල ආකල්ප පෙරේරාට හිමිවන්නේ ද ඒ අයුරිනි.
කැමරා ඇසින් නොදකින සියුම් තැන් සිය කැමරා කාචයට හසුකරගන්නා තරමේ දක්ෂ කැමරා ශිල්පියෙකු වන අනුරාධ ජයසූරිය අංගම් චිත%පට කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පුද්ගලයා ද වන්නේය. දේශිය සිනමාවේ ජනපි%ය කෘති ගනනාවකටම විවිධ අංශයන්ගෙන් සිය දායකත්වය ලබාදී ඇති අනුරාධ, වාර්තා වැඩසටහන්, ගීත රූප රචනය, රූපවාහිනී වැඩසටහන් ආදී ක්ෂේත% ගනනාවක සිය කැමරාකරණ දායකත්වය ලබාදී ඇත. පසුගිය වසර කිහිපය පුරාවටම ජනපි%ය m%xශ රූපවාහිනී සගරාවක් වූ බොන්සුවා වැඩසටහනේ කැමරාකරණය අනුරාධ විසින් සිදුකර ඇත.
ලේඛණයත් කවියත් උපතින් ලත් දායදයක් තරමටම ළංකරගත් එරංග, නිරන්තරයෙන් දේශීය සංස්කෘතිය සහ ඉතිහාසය පිළිබදව විමසිල්ලෙන් සිටිමින් ඒ ගැන තොරතුරු රැස් කරන්නෙකි. එසේ රැස්කරගත් තොරතුරු අංගම් චිත%පටයට දායාද කරමින් මෙම චිත%පටයේ සහය අධ්‍යක්ෂනයත් සහය නිෂ්පාදනයත් කරන එරංග, සයිබර් අවකාශය තුළ පුස්කොළේ බ්ලොග් අඩවිය මගින් දහස් ගනනක් වූ කි%යාකාරී රසික පිරිසකට සිය නිර්මාණ රසවිදීමට සලස්වා ඇත.
වේදිකා නාට්‍ය නිෂ්පාදනය, සංගීතය, ඉසව් සංවිධානය මෙන්ම මෘදුකාංග නිෂ්පාදනය, ඩිජිටල් නිර්මාණකරණය ආදී ක්ෂේත% ගනනාවකම දස්කම් දක්වා ඇති පළ පුරුදු දක්ෂ තරුණ නිර්මාණකරුවෙකි ලලීන්ø අමරසේකර. වෙළද දැන්වීම් ක්ෂේත%යේ ජාත්‍යන්තර සම්මානයන්ගෙන් පවා පිදුම් ලැබ ඇති ලලීන්ø, m%xශයේ පැවැති Cannes Young Lions උළෙලෙහි සිනමා කාණ්ඩය යටතේ සහභාගීවීමට තරම් දක්ෂයෙක් විය. අංගම් සිනමා කෘතිය නිර්මාණයේදී සහය නිෂ්පාදනයෙන් සහ සංගීතයෙන් ලලීන්ø සිය දායකත්වය ලබාදීඇත.
කණ්ඩායමේ සියළු සාමාජිකයන්ගේ නොසැලෙන අදිටනත්, අප%තිහත ධෛර්යයත් මෙම නිර්මාණය මෙතරම් උසස් අන්දමින් නිමවා අවසන් කරගැනීමට හේතු වූ බව අන්ජුල රසාංගගේ ගේ අදහසයි. තවද මෙම නිර්මාණය සාර්ථක කර ගැනීමට දායකත්වය ලබාදුන් මාෂ් දොඩන්වල, අනෝමා රාජකරුණා යන මහත්ම මහත්මීන්ටද, අංගම් චි;%mට කණ්ඩායමේ සාමාජිකයන්ගේ පවුල්වල අයටද, නන් අයුරින් සහය දැක්වූ සියළුම හිතවතුන්ටද සිය ගෞරව පූර්වක ස්තුතිය කණ්ඩායම වෙනුවෙන් පලකර සිටින වග ඔහු පැවසීය."Angam" the movie
©2010 Anjula Rasanga Weerasinghe / everanju Creations
:::
:::
:::
Saturday, February 19, 2011
Concept Arts of Angam the movie
The following concept arts were developed in order to tell the historical story of "Angampora" in Sri Lanka.
මෙම චිත්‍ර නිර්මාණය කරනු ලැබුවේ, "අංගම්" චිත්‍රපටිය තුල දිග හැරෙන "අංගම්පොර" සහ ශ්‍රී ලංකාවේ අතීත පුරවුර්තීන් පිලිබඳ කතාන්දරය මැනවින් ඉස්මතු කිරීම සඳහාය.
මෙම චිත්‍ර නිර්මාණය කරනු ලැබුවේ, "අංගම්" චිත්‍රපටිය තුල දිග හැරෙන "අංගම්පොර" සහ ශ්‍රී ලංකාවේ අතීත පුරවුර්තීන් පිලිබඳ කතාන්දරය මැනවින් ඉස්මතු කිරීම සඳහාය.
"Angam" the movie
©2010 Anjula Rasanga Weerasinghe / everanju Creations![]() |
| A Hela warrior with welayudaya |
![]() |
| The great Ravana |
![]() |
| Kuweni & Vijaya |
![]() |
| Puran Appu |
![]() |
| Monarawila Keppetipola |
![]() |
| A King of Sri Lanka |
අංගම්
මෙම
නිර්මාණය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර පිළිබදව
කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා
විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම්
ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම්
ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්‍පයේ
අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි.
අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත.
මෙහි
නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder
වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත
තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක්
මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට උත්සාහයත් හිතමිතුරන්ගෙන්
ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය
සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය.
දායකත්වය
ජී.කරුණාපාල
(පර්ධාන උපදේශක. කෝට්ටේ අංගම් මඩුව)
(පර්ධාන උපදේශක. කෝට්ටේ අංගම් මඩුව)
(හිටපු අධ්‍යක්ෂ ජනරාල්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)
හෙළ ඉතිහාසයේ සැගවී තිබූ සදොස් තැන් බොහොමයක් නිදොස්කොට හෙළ ඉතිහාසය ගොඩනැංවීමට මහත් දායකත්වයක් දැක්වූ ජේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි. මෙරට ජීවත් වූ දියුණු ආදී මානවයා පිළිබද කතිකාවතකින් මෙම සිනමා කෘතියට දායකත්වය දක්වයි. එමෙන්ම ඔහු සුප්රසිද්ධ ආචාර්ය පී ඊ පී දැරණියගල (සිංහලයේ ත්රාසජනක ක්රීඩා කෘතියේ කතෘ) මහතාගේ පුත් රුවනයි. Cambridge, London සහ Harvard සරසවි වලින් අධ්‍යාපනය අවසන් කළ පුරාවිද්‍යා ක්ෂේත්තරයේ පෙරළිකාර චරිතයකි.වෛද්‍ය රියෙන්සි වික්රමසිංහ
(අංගම් ශිල්පී සහ දේශිය වෛද්‍ය)
කරුණාපාල ගුරුන්නාන්සේගේ සමකාලීනයකු වන රියෙන්සි මහතාද අඩසියවසකටත් වඩා කාලයක් අංගම් කලාවේ නියැලුන අයෙකි. කෝට්ටේ අංගම් මඩුව මූලික කරගෙන කරුණාපාල ගුරුතුමන් ආරම්භ කර ඇති පුහුණු වැඩසටහන් වලට උපදේශකත්වයෙන් සහ සහභාගීත්වයෙන් සහය දෙන රියෙන්සී මහතා මෙම කෘතිය තුලදී සිය අත්දැකීම් අප හා බෙදාගනී.
අතුල නන්දන පෙරේරා
(ජේෂ්ඨ ශිෂ්‍ය - කෝට්ටේ අංගම් මඩුව)
ඔලිවර් හර්මන්
(අංගම් පොර ශිල්පී - ජර්මන් හෙළ අංගම් මඩුවේ නිර්මාතෘ)
(අංගම් පොර ශිල්පී - ජර්මන් හෙළ අංගම් මඩුවේ නිර්මාතෘ)
ලොව පුර සටන් ශිල්ප ගනනාවක් හදාරා ඇති සටන් ශුරයෙකි.වෘත්තියෙන් තොරතුරු තාක්ෂණ විශේෂඥ වරයෙකු වන ඔලිවර් තම කාර්ය බහුල ජීවිතයේ අවස්ථාවක් ලද හැම විටකම කරුණාපාල ගුරුන්නාන්සේ ඇසුරේ ශිල්ප හදාරා ජර්මනිය සහ ස්විට්සර්ලන්තය තුළ සිසුනට අංගම් පුහුණුකිරීම් වල නිරත වන්නෙකි. අංගම් සොයා ලංකාවට ආ ගමනත් අංගම් කලාව ජාත්‍යන්තරයට ගෙනයාම ගැනත් ඔලිවර් මෙම සිනමා කෘතිය තුලදී කතාකරයි.
Subscribe to:
Posts (Atom)






