everanju : Tweet feed

Saturday, February 19, 2011

Concept Arts of Angam the movie

The following concept arts were developed in order to tell the historical story of "Angampora" in Sri Lanka.

මෙම චිත්‍ර නිර්මාණය කරනු ලැබුවේ, "අංගම්" චිත්‍රපටිය තුල දිග හැරෙන "අංගම්පොර" සහ ශ්‍රී ලංකාවේ අතීත පුරවුර්තීන් පිලිබඳ කතාන්දරය මැනවින් ඉස්මතු කිරීම සඳහාය.
 
"Angam" the movie
©2010 Anjula Rasanga Weerasinghe / everanju Creations

A Hela warrior with welayudaya

 
The great Ravana

Kuweni & Vijaya

Puran Appu

Monarawila Keppetipola


A King of Sri Lanka

අංගම්

මෙම නිර්මාණ‍ය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර  පිළිබදව කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම් ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම් ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්‍පයේ අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි.

‍අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා‍ උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත.

මෙහි නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක් මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට  උත්සාහයත් හිතමිතුරන්ගෙන් ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය.

දායකත්වය

ජී.කරුණාපාල
(පර්ධාන උපදේශක. කෝට්ටේ අංගම් මඩුව)

සිය දිවියේ හැත්තෑ හතර වන විය පසුකරමින් සිටින කරුණාපාල ගුරුන්නාන්සේ අඩ සියවසකටක් වඩා වැඩ් කාලයක් අංගම් වෙනුවෙන්ම කාලය කැපකළ අයෙකි. මනා හික්මීමකින් සහ සැබෑ අංගම් ශිල්පයෙන්  සවිබල ගැන්වුන සිසු පරපුරක් සමගින් හෙළ අංගම් සටන් කලාව ජාත්‍යන්තරයට ගෙනයාමේ මහගු මෙහෙවරට අතගසා සිටින කරුණාපාල ගුරුන්නාන්සේ, සැබෑ අංගම් සටන් ශිල්පියෙකුට පමණක්ම උරුම වන නිරෝගී භාවයටත්, ශරීර ශක්තියටත් ඇති හොදම ජීවමාන සාක්ෂියද වන්නේය.












ආචාර්ය සිරාන් දැරණියගල
(හිටපු අධ්‍යක්ෂ ජනරාල්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව)


හෙළ ඉතිහාසයේ සැගවී තිබූ සදොස් තැන් බොහොමයක් නිදොස්කොට හෙළ ඉතිහාසය ගොඩනැංවීමට මහත් දායකත්වයක් දැක්වූ ජේෂ්ඨ පුරාවිද්‍යාඥයෙකි. මෙරට ජීවත් වූ දියුණු ආදී මානවයා පිළිබද කතිකාවතකින් මෙම සිනමා කෘතියට දායකත්වය දක්වයි. එමෙන්ම ඔහු සුප්රසිද්ධ ආචාර්ය පී ඊ පී දැරණියගල (සිංහලයේ ත්රාසජනක ක්රීඩා කෘතියේ කතෘ) මහතාගේ පුත් රුවනයි. Cambridge, London සහ Harvard සරසවි වලින් අධ්‍යාපනය අවසන් කළ පුරාවිද්‍යා ක්ෂේත්තරයේ පෙරළිකාර චරිතයකි.



  
  

වෛද්‍ය රියෙන්සි වික්රමසිංහ
(අංගම් ශිල්පී සහ දේශිය වෛද්‍ය)
                     


කරුණාපාල ගුරුන්නාන්සේගේ සමකාලීනයකු වන රියෙන්සි මහතාද අඩසියවසකටත් වඩා කාලයක් අංගම් කලාවේ නියැලුන අයෙකි. කෝට්ටේ අංගම් මඩුව මූලික කරගෙන කරුණාපාල ගුරුතුමන් ආරම්භ කර ඇති පුහුණු වැඩසටහන් වලට උපදේශකත්වයෙන් සහ සහභාගීත්වයෙන් සහය දෙන රියෙන්සී මහතා මෙම කෘතිය තුලදී සිය අත්දැකීම් අප හා බෙදාගනී.







අතුල නන්දන පෙරේරා
(ජේෂ්ඨ ශිෂ්‍ය - කෝට්ටේ අංගම් මඩුව)

කරුණාපාල ගුරුන්නාන්සේ යටතේ අංගම් හදාරන ජේෂ්‍ඨතම ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයෙකි.දැනට වසර තිස් හතරකටත් වඩා වැඩි කාලයක් අංගම් කලාව හදාරන මෙම නිහතමානී අංගම් ශිල්පියා අංගම් ඉතිහාසය හා ආරම්භය පිළිබද ජන වහරේ පැවැත එන තොරතුරු පිළිබද සිය දැනුම මෙම කෘතිය හරහා ලබා දේ.








 
ඔලිවර් හර්මන්
(අංගම් පොර ශිල්පී - ජර්මන් හෙළ අංගම් මඩුවේ නිර්මාතෘ)

ලොව පුර සටන් ශිල්ප ගනනාවක් හදාරා ඇති සටන් ශුරයෙකි.වෘත්තියෙන් ‍තොරතුරු තාක්ෂණ විශේෂඥ වරයෙකු වන ඔලිවර් තම කාර්ය බහුල ජීවිතයේ අවස්ථාවක් ලද හැම විටකම කරුණාපාල ගුරුන්නාන්සේ ඇසුරේ ශිල්ප හදාරා ජර්මනිය සහ ස්විට්සර්ලන්තය තුළ සිසුනට අංගම් පුහුණුකිරීම් වල නිරත වන්නෙකි. අංගම් සොයා ලංකාවට ආ ගමනත් අංගම් කලාව ජාත්‍යන්තරයට ගෙනයාම ගැනත් ඔලිවර් මෙම සිනමා කෘතිය තුලදී කතාකරයි.