everanju : Tweet feed

Saturday, February 19, 2011

අංගම්

මෙම නිර්මාණ‍ය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර  පිළිබදව කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම් ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම් ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්‍පයේ අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි.

‍අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා‍ උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත.

මෙහි නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක් මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට  උත්සාහයත් හිතමිතුරන්ගෙන් ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය.

No comments:

Post a Comment